පොතුහැර සිට ගලගෙදර දක්‌වා ඉදිවෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියර ඉදිකිරීමේ ටෙන්ඩරය වහාම අහෝසිකරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට නියෝග කර ඇතැයි වාර්තාවේ.
.........................................................................................
මධ්‍යම අධිවේගයේ 3වැනි අදියරේ ටෙන්ඩර් අර්බුදයක්
පොතුහැර සිට ගලගෙදර දක්‌වා ඉදිවෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියර හා කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා ඉදිකිරීමට නියමිත මාර්ගය ඉදිකිරීමට විවෘත ටෙන්ඩරයක් කැඳ නොවීම සම්බන්ධයෙන් කුකුසක් මතුව තිබේ.
මේ මාර්ගය ඉදිකරනු ලබන්නේ ජපානයේ ටෝකියෝ මිට්සුබිෂි UFJ (Tokyo Mitsubishi UFJ) නැමැති පෞද්ගලික බැංකුවකින් ලබාගන්නා ඇමරිකානු ඩොලර් බිලියනයක සහනදායී ණය මුදලකිනි.
අදාළ ණය මුදල ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් වන අතර එම ණය මුදල ලබා ගැනීමට අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත්කරණ ලද කැබිනට් පත්‍රිකාවට පසුගිය මැයි 17 වැනිදා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අදාළ කැබිනට් පත්‍රිකාව පහත දැක්වේ.